පසුගිය ඔක්තෝම්බර් 15 වන දා පැවැත්වුණු 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කරයුතු අද ආරම්භ කර තිබෙනවා.
දිවයින පුරා මධ්‍යස්ථාන 434කදී මෙම ඇගයීම් කටයුතු සිදුකෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එසේම දකුණු පළාත් පාසල් වල අද දිනයේත් වාර විභාග පැවැත්වෙන බැවින් එම පළාතේ ඇගයීම් කටයුතු හෙට සිට ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබෙනවා.
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 31 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.

