දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සිය න්‍යෂ්ටික අවි වලට ඇති හැකියාව සම්බන්ධයෙන් පෙරහුරුවක් සිදු කළ බව රුසියාව නිවේදනය කර තිබෙනවා.
සතුරු න්‍යෂ්ටික ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම හමුදා අභ්‍යාසය සිදු කෙරුණු බවයි රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පෙන්වා දෙන්නේ.
මෙහි දී බැලිස්ටික් සහ කෲස් මිසයිල අත්හදා බලා තිබෙනවා.
යාර්ස් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (Yars intercontinental ballistic missile) රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ වූ අත්හදා බැලීමේ ස්ථානයක සිට ද තවත් මිසයිලයක් බැරන්ට්ස් මුහුදේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක සිට ද එල්ල කර ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.
කෙසේවෙතත් මෙම න්‍යෂ්ටික අවි යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා නොකරනු ඇති බවටයි ඇමරිකානු රජය පවසන්නේ.

