2022 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 951.5 දක්වා 11.88% කින් අඩු වී ඇති බව ශ්රී ලංකා රේගු දත්ත පෙන්නුම් කරනවා.
එය 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 14.94% ක අඩුවීමක් වනවා.
ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්රිත නිෂ්පාදන, පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන වැනි අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම මෙලෙස වෙළෙඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතුවී තිබෙනවා.
2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,304.1 ක් වූ අතර, එය 2022 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 55.67% ක වැඩිවීමක් වනු ඇත.

