ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඓතිහාසික ජයක්

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පාකිස්තානය පරදවා ඇෆ්ගනිස්තානය වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස ඉතිහාස ගත වෙමින්.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 282ක් පමණි.

එහිදී Babar Azam අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 92කදී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 74ක් රැස් කර ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 286ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් වන Rahmanullah Gurbaz සහ Ibrahim Zadran සමත්වුණා.

Ibrahim Zadran පන්දු 113කදී හතරේ පහර 10ක් සමග ලකුණු 87ක් රැස්කරගත්තා

මෙම සුපිරි ජයග්‍රහණයත් සමග ඇෆ්ගනිස්තානය ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.