කැබිනට් සංශෝධන යනු ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ අලුත්ම විහිළුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කරන්නේ එම අමාත්‍ය මණ්ඩල සංශෝධනය කැබිනට් මණ්ඩලය තුළම සිටින පුද්ගලයින්ගේ සංශෝධනයක් මිස අන් කිසිවක් නොවන බවයි.
සෞඛ්‍ය අමාත්‍ය ධුරයට නුසුදුසු බවට චෝදනා එල්ල වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයට පත් කර ඇති බව පෙන්වා දුන් සජිත් ශ්‍රී ලංකාව බුද්ධිමත් රටක් බවට පත් කිරීමට නොව වංක රටක් බවට පත් කිරීමේ තවත් එක් පියවරක් ලෙස මෙය හඳුන්වා දී තිබෙනවා.
එසේම කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස පත්කිරීමෙන් පසුගිය කාලයේ සෞඛ්‍ය ක්ෂේත්රය මෙන්ම පරිසර ක්ෂේත්රයද කඩා වැටීමේ අවදානමක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.


