උද්ධමනය තවත් අඩු වෙයි

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2.1% සිට 0.8% දක්වා පසුගිය සැප්තැම්බර් මාසයේදී පහත වැටී තිබෙනවා.

එහි දී ආහාර උද්ධමනය (-5.4) සිට (-5.2)% දක්වා සැප්තැම්බර් මාසයේදී සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

එමෙන්ම ආහාර නොවන උද්ධමනය අගෝස්තු මාසයේ 9% ක් ලෙස සටහන් වී ඇති අතර සැප්තැම්බර් මාසයේදී එය 5.9% දක්වා පහත වැටී තිබෙනවා.