මුහුද රළු වීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මධ්‍ය – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති කැළඹිලි ස්වභාවය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එහි දක්වා තිබෙනවා.

ඒ අනුව උතුරු අක්ෂාංශ 14 සහ 20 සහ නැගෙනහිර දේශාංශ 84 සහ 92 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 40 – 45ත් අතර විය හැකි වනවා.

ඉහත මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර එම ප්‍රදේශ ආශ්‍රිතව තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් එම ප්‍රදේශ වල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රාවලට ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන මෙන් දැනුම් දී තිබෙනවා.