ගත වූ පැය 24 තුළ ගාසා තීරයට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාවලින් පලස්තීනුවන් 400 ක් පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුර සහ අල්-ෂිෆා සහ අල්-කුඩ්ස් රෝහල්වලට ආසන්න ස්ථානයට එල්ල කරන ලද ප්‍රහාර වලින් මෙලෙස මිනිසුන් මිය ගොස් තිබෙනවා.
මේ අතර චීනය විසින් ද ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටින අතර ප්රචණ්ඩත්වය අවසන් කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් සිදු කිරීමට තමන් සූදානම් බවයි චීනය ප්‍රකාශ කර තිබෙන්නේ.
මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 4,651 ක් මිය ගොස් ඇති අතර, ඊශ්‍රායලයේ ද 1,400 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි නවතම වාර්තා සඳහන් කරන්නේ.

