ළමුන් අතර ඩෙංගු සහ පාචන තත්ත්ව ඉහළට

පවතින වර්ෂාපතන තත්ත්වයත් සමඟ කුඩා දරුවන් අතර ඩෙංගු සහ පාචන රෝගී තත්ත්වයන් පැතිර යාමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

පාචන තත්ත්ව වළක්වා ගැනීම සඳහා හැකිතාක් නිවසේ පිළියෙළ කරගත් ආහාර දරුවන්ට ලබා දෙන ලෙසයි ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.

එසේම දරුවන්ව මදුරු දෂ්ටනයෙන් වළක්වා ගැනීමට ද සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි වෛද්‍යවරයා දැනුවත් කරන්නේ.