අද දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායකය සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.
ඒ සිය වෘත්තීය ප්රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා පවතින ගැටලු විසඳන ලෙස බලධාරීන් දිගින් දිගටම දැනුවත් කළද ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙනි.
ඒ අනුව දිවයිනේ සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දිනයේ සේවයෙන් ඉවත්වී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දෙනු ඇත.
මේ අතර රාජ්‍ය අංශයේ විධායක නිලධාරී සේවා ගණයට අයත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, විශේෂඥ හා තාක්ෂණික නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිතින් ද අද කොළඹ දී විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කර තිබෙනවා.
වෘත්තීය සමිති සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපතිවරයා සඳහන් කළේ.

