අමාත්‍යවරු කිහිපදෙනෙකු යටතේ පවතින අමාත්‍යංශ වල යම් වෙනස් වීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර අමාත්‍යවරයාට ද, පරිසර අමාත්‍ය ධුරය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ද ලබා දී තිබෙනවා.
එසේම රමේෂ් පතිරණ අමාත්‍යවරයාට කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ලබාදී ඇත,.
මීට අමතරව රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

