ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන

නිල්වලා ගංගා ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ ඉදිරි පැය 24 ක කාලය තුළ ඉහත ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.