Leo චිත්‍රපටයේ ආදායම අඩු වෙයි ද?

Thalapathy Vijay, Sanjay Dutt සහ Trisha Krishnan රංගනයෙන් දායක වන Leo දමිළ චිත්‍රපටය පසුගිය ඔක්තෝම්බර් 19 වනදා ලොව පුරා තිර ගත කිරීම් ආරම්භ කරනු ලැබුවා.

එය ආරම්භක දිනයේ දී ඉන්දීය රුපියල් කෝටි 148 ක කැපී පෙනෙන ආදායමක් වාර්තා කළ නමුත් එය තිරගත වූ දෙවන දිනයේ ආදායමේ සැලකිය යුතු පහත බැසීමක් සිදු වී තිබෙනවා.

එනම් එහි දෙවන දිනයේ ආදායම පළමු දිනයෙන් අඩකටත් වඩා අඩු රුපියල් කෝටි 70 ක් ලෙසයි දැක්වෙන්නේ.

දෙවන දිනය වන විට එහි Box Office ආදායම රුපියල් කෝටි 200 සීමාව පසුකර ඇති අතර ඉදිරියේ දී Leo චිත්‍රපටය ඉහළ ආදායමක් ලබා ගනු ඇති බවයි විචාරකයන් සඳහන් කරන්නේ.

මෙම චිත්‍රපටය Vijay විසින් ප්‍රධාන චරිතය රඟපානු ලබන 67 වන චිත්‍රපටය වන අතර එය විනාඩි 164ක චිත්‍රපටයක් වනවා.

එය අධ්‍යක්ෂණය කර ඇත්තේ Lokesh Kanagaraj වන අතර S.S. Lalit Kumar සහ Jagadish Palanisamy යන අය එය නිෂ්පාදනය කර තිබෙනවා.