උතුරු දුම්රිය කාලසටහනේ වෙනසක්

අද සිට ක්‍රියාත්මක වන පරිදි උතුරු මාර්ගයේ ගමන් කර දුම්රිය කාලසටහනේ සුළු සංශෝධන කිහිපයක් ඇති කර තිබෙන බව නිවේදනය කරනවා.

ඒ අනුව පස්වරු 01.40ට කන්කසන්තුරය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවන වූ යාල්දේවි දුම්රිය අද සිට පෙරවරු 10.00ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතයි.

එසේම කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සෙනසුරාදා දින පෙරවරු 05.20 ධාවනය වූ දුම්රියේ වේලාව පෙරවරු 05.30 ලෙස සංශෝධනය කර තිබෙනවා.

දෛනික ව පොල්ගහවෙල සිට මහව හංදිය දක්වා පෙරවරු 05.30ට ධාවන වූ දුම්රියේ වේලාව පෙරවරු 05.25 ලෙසට නව කාලසටහනේ සඳහන් වෙනවා.

මීට අමතර ව දෛනික ව කුරුණෑගල සිට මහව හංදිය දක්වා පෙරවරු 08.55ට ධාවන වූ දුම්රිය දැන් ධාවනය වන්නේ පෙරවරු 09.15 ට වනවා.