කොටස් වෙළඳපොලේ සැලකිය යුතු වර්ධනයක්

ඊයේ දිනයේ කොටස් වෙළඳපොල ගනුදෙනු සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය සඳහා කාර්ය මණ්ඩල එකඟතාවයක් ඇති වීමත් සමඟ ඉහළ නැංවුණු ආර්ථික අපේක්ෂා හේතුවෙනි.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 19 වනදාට වඩා ඊයේ එනම් ඔක්තෝම්බර් 20 වනදා සමස්ත මිල දර්ශකයේ අගය ඒකක 260.11 කින් සහ S&P දර්ශකය ඒකක 106.92 කින් ඉහළ යනු ලැබුවා.

එසේම ඊයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 909 ක් ලෙස සටහන් වී තිබුණු බවයි කොටස් වෙළඳපොල දත්ත සඳහන් කරන්නේ.