කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව ව්‍යාපෘතිය යටතේ මහ කන්නයේ අක්කර 40,000 කර බඩඉරිඟු බික නොමිලයේ ලබා දීමේ වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරුණා.
හම්බන්තොට, අනුරාධපුරය හා මොනරාගල යන දිස්ත්‍රික්ක තුනෙහි අක්කර 40,000 ක බඩඉරිඟු වගා කිරීම සඳහා දෙමුහුනුන් බඩඉරිඟු බීජ මේ යටතේ ලබා දෙනු ලබනවා.
එසේම බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 800ක් මේ වන විට ඇනවුම් කර ඇති අතර ඒවා බඩඉරිඟු ගොවීන්ට නොමිලයේ ලබා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
දේශීය සත්ත්ව නිෂ්පාදන ඉහළ නැංවීමට අවශ්‍ය සත්ත්ව ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා මෙලෙස බඩඉරිඟු වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

