2024 වර්ෂයට අදාළ අයවැය ලබන නොවැම්බර් මස 13 වන සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කරනවා.
ඒ අනුව අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වනදා සිට දින 7ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 21 වනදා සවස 6ට පැවැත්වීමට නියමිතය.
එසේම 2024 අයවැය ට අදාළ කමිටු අදියරේ විවාදය 22 වනදා සිට දින 19ක් පැවැත්වනු ඇත.
ඊට අදාළ ඡන්ද විමසීම ලබන දෙසැම්බර් මස 13 වනදා සවස 6ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
මේ අතර ශක්තිමත් සහ අඩු අයවැය පරතරයක් සහිත අයවැයක් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ නියෝජිත පිරිසේ ප්‍රධානී පීටර් බෘඅර් ප්‍රකාශ කර තිබෙනවා.

