පොලිස්පති යළි සේවයේ පිහිටුවීමට ජනපති උපදෙස්

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට යළි සති 03 සේවා දිගුවක් ලබාදීමට ගත් තීරණය අනුමත නොකරන බවට ඊයේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබුණා.

කෙසේවෙතත් ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවක දී ගත් එම තීරණය වහාම අවලංගු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම තීරණය පැයක් ඇතුළත ආපසු හරවමින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා යළි ධුරයේ පිහිටුවීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවා.

පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ල බලා දී ඇති බවයි වාර්තා වෙන්නේ.