ICC ලෝක කුසලානයේ නවතම ලකුණු සටහන

ඊයේ නෙදර්ලන්තය විසින් ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 38 කින් පරාජයට පත් කිරීමත් සමඟ 2023 ලෝක කුසලාන ලකුණු සටහනේ දැවැන්ත පෙරළියක් ඇති වුණා.

නෙදර්ලන්තයේ එම ජයග්‍රහණයත් සමඟ අවසන් පූර්ව වටයේ මෙතෙක් ක්‍රීඩා කළ තරඟ අතරින් කිසිදු ජයග්‍රහණයක් වාර්තා කර නොමැති එකම කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත් වුණා.

දැනට දකුණු අප්‍රිකාව 3 වැනි ස්ථානයේ රැඳී සිටින අතර නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයට පත් වෙනු ලැබුවා.