විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ මහජන අදහස් විමසීම අද

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ජනතාවගේ අදහස් සහ යෝජනා වාචිකව ලබාගැනීම අද සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පෙරවරු 9 සිට මෙම කටයුතු ආරම්භ කෙරෙන අතර මෙහි දී අදාළ යෝජනා ලිඛිතව එම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමද සිදු කළ හැකි වනවා.

මේ අතර ඉදිරි වසර දෙකක කාලයක් සදහා විදුලි ගාස්තු 10% කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබෙනවා.

මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාල සීමාව තුළ විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත ආදායම හා වියදම අතර පරතරය කළමනාකරණය කර ගැනීම සදහා මෙම ගාස්තු ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ.