සමලිංගික විවාහ නීතිගත කිරීම කිරීම සඳහා අනුමැතිය ඉල්ලමින් ගොනු කර තිබුණු පෙත්සම නොසලකා හරිමින් සමලිංගික විවාහ නීතිගත කිරීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබෙනවා.
ඉන්දීය විනිසුරුවරයන් පස්දෙනෙක් විසින් මෙම තීන්දුව ඉදිරිපත් කර ඇති අතර ඔවුන් සඳහන් කර තිබෙන්නේ LGBTQ+ පුද්ගලයින්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ක්‍රියා කරන බවයි.
ඉන්දියාවේ සමලිංගික පුද්ගලයින්ට නීත්‍යානුකූලව විවාහ වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී පෙත්සම් විභාග කර තිබුණා.
මෙම පෙත්සම් ගොනු කරන ලද සමලිංගික යුවල් සහ සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ සමලිංගික පුද්ගලයන් සඳහා විවාහ වීමට අවසර ලබා නොදීම ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සමලිංගිකයන්ට විවාහ වීමට අවසර නොලැබීම හේතුවෙන් ඒකාබද්ධ බැංකු ගිණුමක් (joint account) ආරම්භ කිරීම, විශ්‍රාම වැටුප් ලබා ගැනීම සහ සෞඛ්‍ය රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීම වැනි මූලික අයිතිවාසිකම් රැසක් ඔවුන්ට අහිමි වී ඇති බවයි.
සංක්‍රාන්ති ලිංගිකයන්ගේ (transgender) විවාහ වීමේ අයිතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙන්නේ ඔවුන් විරුද්ධ ලිංගිකයෙක් සමඟ විවාහ වෙන්නේ නම් එයට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි.

