USS Dwight D Eisenhower නමැති ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකාව සහ ප්‍රහාරක කණ්ඩායම ඊශ්‍රායලයට සහය පළ කිරීම සඳහා මධ්‍යධරණී මුහුදට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ගොඩබිමින්, ගුවනින්, සහ මුහුදින් යන තුන් ආකාරයෙන් ම ගාසා තීරයට පහරදීමට තමන් සූදානම් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ කර ඇති පසුබිමකයි.
ඊශ්‍රායලය විසින් දරුණු ආක්‍රමණයක් සම්බන්ධයෙන් දිගින් දිගටම අනතුරු අඟවා තිබීම හේතුවෙන් ගාස තීරයේ උතුරු කොටසේ වූ මිලියන 1.1 ක ජනතාව දකුණු ප්‍රදේශයට යමින් පවතින බවයි සඳහන් වෙන්නේ.
දැනට ලැබී ඇති දත්ත වලට අනුව ගාසා තීරයට එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මේ වන විට පලස්තීනුවන් 2,215ක් මිය ගොස් 8,714ක් තුවාල ලබා තිබෙනවා. එලෙස මිය ගිය පුද්ගලයන් අතර පලස්තීන ළමුන් 700 කට අධික පිරිසක් ද සිටී.
එසේම ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,300 ක් වන අතර හමාස් සංවිධානය පසුගිය සති අන්තයේ දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු 3,400 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

2023 ඔක්තෝබර් 14 වන දින උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල බෝම්බ හෙලීමේදී පුපුරා ගිය ගිනි බෝලයක්

