ඇමරිකානු නාවික නෞකාවක් වන BRUNSWICK නෞකාව සංචාරයක් සඳහා කොළඹ වරායට ඊයේ සේන්දු වී තිබෙන බව වාර්තා වෙනවා.
මීටර් 103ක් දිග Spearhead වර්ගයේ අධිවේගවත් මෙම නෞකාව 24 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන අතර ANDREW H PERETTI එහි කපිතාන් වශයෙන් කටයුතු කරනු ලබනවා.
නැව ශ්රී ලංකාවේ සිටින කාලය තුළ එහි කාර්ය මණ්ඩලය දිවයිනේ සංචාරයක නිරත වීමට නියමිත අතර ලබන ඔක්තෝම්බර් 15 වන දා එය දිවයිනෙන් පිටත් වීමට නියමිත බවයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.





