ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් පාලනය කරනු ලබන ගොවිපොළ 32 ක් සහ මිල්කෝ පෞද්ගලික සමාගම රජයේ පාලනයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව එම ගොවිපොළ ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයට හෝ ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ පෞද්ගලික අංශයට පැවරීමටයි තීරණය කර ඇත්තේ.
මේ සඳහා ඉන්දියාවේ ධීවර සත්ත්වපාලන හා කිරි නිෂ්පාදන අමාත්‍යංශය යටතේ පවතින සත්ත්ව පාලන හා කිරි නිෂ්පාදන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යංශය ආතර ඒකාබද්ධ ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතව තිබෙනවා.
ඉන්පසුව ගොවිපොළ 32 සහ මිල්කෝ සමාගම ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් මඟින් පාලනය කිරීමට නියමිත ය.

