ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අලෙවිකරණ සහ ආයෝජන ගිවිසුම අද සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර පහකට දීර්ඝ කර තිබෙනවා.
දෙරට අතර ද්විපාර්ශ්වික අලෙවිකරණය සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අලෙවිකරණ සහ ආයෝජන රාමු ගිවිසුමක් 2017 නොවැම්බර් මාසයේදී අත්සන් කරනු ලැබුවා.
එකී ගිවිසුම අලෙවිකරණ සහ ආයෝජන සහයෝගිතාව බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි දීර්ඝ කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අද අමාත්‍ය මණ්ඩලය එකඟ වී තිබේ.

