ප්‍රබල අකුණු පිළිබඳ අවාවාදාත්මක නිවේදනයක්

අද රාත්‍රී 11.30 වන තුරු බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවාවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, කෑගල්ල, වව්නියා, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එහි දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි වනවා.