ගාල්ල මාතර සියලු පාසල් වැසෙයි

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් මස 9 වන සඳුදා දින හා 10 වන අඟහරුවාදා දින එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් වසා තැබෙන බව දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනය කර තිබෙනවා.

මේ අතර ලබන 12 වන දා ආරම්භ වීමට නියමිතව තිබූ දෙවන වාර විභාගය ද දකුණු පළාතේ පාසල් සඳහා කල් ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.