සියලු දෙනා වාර්ගික සහ ආගමික ගැටළු විසඳා ගැනීමට කැප විය යුතුයි – ජනපති

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනාම වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීමට කැප විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

පසුගිය සමයේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීම හේතුවෙන් අත්විඳිමට සිදු වූ දරුණුම අත්දැකීමට ජාති, ආගම් බේදයකින් තොර ව රටේ සියලු ජනතාවට මුහුණ පෑමට සිදු වූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලු බෙදීම් අවසන් කර වර්තමානයේ රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් ව ඉදිරියට ගමන් කළ යුතු බව සඳහන් කර තිබෙනවා.