ඇද හැලෙන වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක තුනකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ සහ ඉමදුව ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට සහ මතුගම ප්‍රදේශවලටත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරැස්ස සහ හක්මන ප්‍රදේශවලටත් මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇත.
මේ අතර නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ගංවතුර නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට ඊයේ නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි දින 02ක සඳහා ද බලපැවැත්වෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

