ගංවතුර සහන සේවා කටයුතු සඳහා හමුදා භටයන් 600ක්

මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ, අත්තුඩුව, මාතර කොටුව සහ ගල් බැම්ම යන ප්‍රදේශවල පවුල් 2500කට අධික ප්‍රමාණයක් අවතැන්ව සිටින අතර ඔවුන්ට කඩිනම් සහන සැලසීම සඳහා යුධ හමුදාපති ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව හා ආපදා සහන සැලසීමේ කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඒ සඳහා හමුදා භටයන් 600 ක් පමණ යොදවා ඇති බවයි අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

කළුතර දිස්ත්‍රික්කයේ ආපදා සහන කටයුතු සඳහා අතිරේක 58 සේනාංකය හා ගැමුණු හේවා බලකාය සූදානම් කර ඇති අතර, අවශ්‍ය වූ විට යෙදවීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් WMZ රථ 3ක් හා මෝටර් බෝට්ටු 6ක් සූදානම් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ හා කොමාණ්ඩෝ බලකායේ කිමිඳුම් කණ්ඩායම් කෙටි දැනුම්දීමකින් අවශ්‍ය කටයුතු සඳහා කැඳවීමට කටයුතු සූදානම් කර ඇත.

එසේම මාතර අත්තුඩාව ප්‍රදේශයේ ඉදි කරන ලද ගල් බැම්ම බිඳී යාමේ අවදානමක් මතුව තිබීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිය අද පෙරවරුව දක්වාම එම බැම්ම ශක්තිමත් කිරීමේ මෙහෙයුමක් ද යුද හමුදා සෙබළුන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් දියත් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.