අද උදෑසන ඊශ්‍රායලයේ Tel Aviv ප්‍රදේශට ගාසා තීරය හරහා රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව වාර්තා වෙනවා.
ප්‍රහාරය එරට වෙලාවේ උදෑසන 6.30 ට පමණ ආරම්භ වී පැය භාගයකට ආසන කාලයක් පැවති බවයි Agence France – Presse පුවත් සේවය වාර්තා කළේ.
ඊශ්‍රායලයේ Magen David Adom ගලවා ගැනීමේ ඒජන්සිය සඳහන් කරන්නේ ප්‍රහාරයෙන් 22 දෙනෙක් පමණ මිය ගොස් තවත් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි
ගාසා තීරය පාලනය කරන සන්නද්ධ ව්‍යාපාරය වන හමාස් හමුදා අංශයේ නායක මොහොමඩ් ඩීෆ් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සෙනසුරාදා අලුයම ඊශ්‍රායලයට එල්ල කරන ලද රොකට් ප්‍රහාර “Operation Al-Aqsa Storm” හි ආරම්භය සනිටුහන් කළ බවයි.
ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට ත්රස්තවාදීන් පිරිසක් ඇතුළු වී ඇති බවත් අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඔවුන්ගේ නිවෙස් වල ආරක්ෂිතව රැඳී සිටින ලෙසත් ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) දැනුම් දී තිබෙනවා.

