ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාත වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 318.28 ක් ලෙස සටහන් වී ඇති අතර ඊයේ දිනයේ එය රුපියල් 318.22 ක් ලෙසයි සටහන් වී තිබුණේ.
එසේම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 328.91ක් ලෙස සටහන් වී තිබුණු අතර ඊයේ දිනයේ එම අගය රුපියල් 328.90 ක් ලෙස යි වාර්තා වුණේ.

