ජැක් ගේ ඇදුම් කට්ටලය වෙන්දේසියට

ජනප්‍රිය නළු Leonardo DiCaprio පණ පොවන ලද Titanic චිත්‍රපටයේ Jack Dowson ගේ චරිතයට හිමි ඇඳුම් කට්ටලය වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔහුගේ මෙම ඇඳුම් කට්ටලයට කොලර් රහිත සුදු ෂර්ට් එකක්, තඹ පැහැ කලිසමක් සහ vest එකක් ඇතුලත් වනවා.

නොවැම්බර් 9 – 12 යන දිනවල London හි දී මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිත අතර එය ඇමරිකානු ඩොලර් 250,000 කට ආසන්න මුදලකට වෙන්දේසි වනු ඇති බවට ඇස්තමේන්තුගත කර තිබෙනවා.

විචාරකයන් පවසන්නේ DiCaprio ගේ මෙම ඇඳුම සිනමා ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන ඇඳුමක් වන බැවින් එය මිල දී ගැනීම සඳහා විශාල ඉල්ලුමක් ඇති වන බවයි.

1977 දී තිර ගත වූ Titanic චිත්‍රපටය Oscar සම්මාන 11 දිනා ගනිමින් අද දක්වාම කා අතරත් ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත් වී තිබීම එයට හේතුව ලෙසයි ඔවුන් දක්වන්නේ.