කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ කොළඹ සිට දෙණියාය බලා ධාවනය වූ මගී බස් රථයක් මතට දැවැන්ත ගසක් පෙරළීමෙන් පුද්ගලයන් පස් දෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
අද අලුයම 6 ට පමණ අනතුර සිදු වී ඇති අතර පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර සිටින බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය හේතුවෙන් ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසනවා.




