ආර්ථික අපහසුතා ඇති සිසුන්ට සපත්තු වව්චර

ආර්ථික අපහසුතා ඇති දරුවන් ලක්ෂ 8කට ආසන්න පිරිසකට පාවහන් මිල දී ගැනීමට රුපියල් 3,000ක වව්චරයක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඉදිරි සති දෙක තුන ඇතුළත එම වවුචර්පත් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම මෙම වව්චරපතේ වටිනාකම ලබන වසර වන විට තවත් වැඩි කිරීමට පියවර ගන්නා බව ද ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.