දුම්රිය වර්ජනය අවසන්

ඊයේ පස්වරුවේ සිට උප දුම්රිය නියාමකවරුන් විසින් දියත් කර තිබු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙනි.

ඒ අනුව අසනීප නිවාඩු වාර්තා කළ උප දුම්රිය නියාමකවරු නැවත සේවයට වාර්තා කරමින් සිටින බවයි දුම්රිය දෙපාර්තම්නේතුව වාර්තා කරන්නේ.

දුම්වැටියක් මුල් කර ගනිමින් මාලිගාවත්ත දුම්රිය අංගනයේ සේවයේ නියුතු උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශයේ පිරිසක් පහරදීමේ සිද්ධියකට අදාළවයි නියාමකවරුන් ලෙඩ නිවාඩු වාර්තා කරමිනුයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත්තේ.

වර්ජනය හේතුවෙන් අද සහ ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදු වුණා.