ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ගණනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
දකුණු පළාත තුළ එම කටයුතු දිස්ත්රික් කාර්යාල මට්ටමින් ආරම්භ කර ඇති බවයි සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා සඳහන් කළේ.
එසේම මින් පෙර පැවති නියඟය හේතුවෙන් සිදු වූ හානි ද මේ වනවිට ගණනය කරමින් පවතින බවත් එම ගෙවීම් සිදු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළා.

