නිල්වලා ගඟ ආශ්‍රිතව අවධානම් තත්ත්වයක්

දැනට පිටාර මට්ටමේ පවතින නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇති වුවහොත් එය මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කරනවා.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පුද්ගලයින් පීඩාවට පත්ව සිටින බවයි.