2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888කදී විභාගය පැවැත්වෙන බව යි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඊට අදාළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය පාසල්වල විදුහල්පතිවරුන්ට තැපැල් මගින් මේ වනවිට යොමුකර තිබෙන බවයි සඳහන් වෙන්නේ.
එමෙන්ම මෙතෙක් පැමිණීමේ ලේඛනය ලැබී නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට එම ලේඛනය https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් download කර ගැනීමේ හැකියාව පවතිනවා

