ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.2 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
ජාතික භූ කම්පන මධ්‍යස්ථානයට අනුව කම්පනය කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් සිදු වී තිබෙන අතර තත්ත්පර 40 කට වඩා වැඩි කාලයක් කම්පනය පැවත තිබෙනවා.
මෙම කම්පනය චන්ඩිගාර්, ජායිපූර් සහ උතුරු ඉන්දියාවේ තවත් ප්‍රදේශ කිහිපයකට ද දැනී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කම්පනය හේතුවෙන් සිදු වූ හානි සම්බන්ධව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

