2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු ශ්‍රී ලංකාවේ කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
“Deutsche Welle” හෙවත් ටෙලිවිෂන් ජර්මනි සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.
එසේම එක්සත් රාජධානිය හෝ ජර්මනිය එවැනි පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් ශ්‍රී ලංකාව සහ ආසියාතිකයින්ට පමණක් මෙවැනි ආකාරයේ පරීක්ෂණ සිදුකරන ලෙස ප්‍රකාශ කරන්නේ කුමන කරුණු මත පදනම්ව දැයි ජනාධිපතිවරයා එහිදී ආවේගශීලි ස්වරූපයකින් ප්‍රශ්න කර සිටියා.

