ලබන ඔක්තෝබර් 07 වනදා සිට වාහන ආදායම් බලපත්‍ර Online ක්‍රමයට ලබාගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරනවා.
මෙය ක්‍රියාත්මක වන පළමු මාසයේ දී බස්නාහිර පළාත හැර අනෙකුත් සියලුම පළාත් වල වාහන හිමියන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් සිය වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.
එසේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක් කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය සභා, නගර සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන නවයක් තෝරා ගෙන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

