වැසි තත්ත්වය දිගටම පැවතීමත් සමඟ නිල්වලා, ගිං, කළු යන ගංඟා සහ අත්තනගලු ඔය ආශ්රිත ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කළු ගඟේ මිල්ලකන්ද ප්රදේශයේ පැවති මහා ගංවතුර මට්ටම තවදුරටත් එලෙසම පවතින අතර පුටුපවුල ප්රදේශයෙන් ද සුළු ගංවතුර මට්ටම ඉහළ යමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පානදුගම හා තලගහගොඩ ප්රදේශවල සහ ගිංගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බද්දේගම ප්රදේයේ පැවති සුළු ගංවතුර මට්ටම මේ වන විට අඩුවෙමින් පවතින බව සඳහන්ය.
එසේම අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දූනමලේ ප්රදේශයේ ඇතිවූ සුළු ගංවතුර තත්ත්වය ද අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

