ශ්‍රී ලංකා රේගුවේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
මෙම බඳවා ගැනීම් සඳහා වූ ගැසට් නිවේදනය සැප්තැම්බර් මස 22 වනදා උදෑසන 9ට ආරම්භ වී ඇති අතර, එය ඔක්තෝබර් මස 16 වනදා මධ්‍යම රාත්‍රී 12ට අවසන්වීමට නියමිතයි.
අදාළ අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙඩි අඩවියේ පළ කර ඇති අතර වයස අවුරුදු 21ත් 35 අතර තරුණයින්ට මේ සඳහා අයදුම් කළ හැකි වෙනවා.

