ශ්‍රී ලංකාවේ අංක 1 බැඩ්මින්ටන් ක්‍රීඩකයා මෙන්ම වැඩිම පදක්කම්ලාභී බැඩ්මින්ටන් ක්‍රීඩකයා ද වන නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙනවා.
2002 සිට 2018 දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ 5කට තරග වැදුණු නිලූක සිය පළමු අන්තර්ජාතික ජයග්‍රහණය 2011 වසරේදි පෝර්ටෝ රිකෝ හි දී වාර්තා කරනු ලැබුවා.
එසේම ඔහු 2012, 2016 සහ 2020 යන වසර වල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරඟවලට ද සහභාගී වී තිබෙනවා.
ඔහු විවිධ මහාද්වීප 5 ක දී රන් පදක්කම් 05 ක් ද දිනා ගෙන තිබෙන අතර ඔහු 2013 ජූනි මාසයේ දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු විසින් ලබන ලද හොඳම පෞද්ගලික ශ්‍රේණිගත කිරීම ලබා ගැනීමට ද සමත් වුණා.
ජාතික බැඩ්මින්ටන් ශුරතාවලිය 17 වතාවක් දිනා ගනිමින් එහි ද වාර්තාවකට හිමිකම් කියන නිලූක කරුණාරත්න මේ වන විට 38 හැවිරිදි වියෙහි පසුවනවා.

