Nagorno-Karabakh කලාප ජන ශුන්‍ය වෙයි

පසුගිය සතියේ අසර්බයිජානය විසින් Nagorno-Karabakh කලාප අල්ලා ගැනීමෙන් පසුව එහි වාසය කළ වාර්ගික ආමේනියානු මිනිසුන් සම්පූර්ණයෙන් ම පාහේ එම ප්‍රදේශ අත හැර ගොස් තිබෙනවා.

යටත්වීමට පෙර එම කලාපයේ ආර්මේනියානුවන් 120,000ක් පමණ සිටි බවත් මේ වනවිට ඉන් 100,000ක් පමණ පිරිසක් මේ වන විට පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගෙන ඇති Nagorno-Karabakh කලාප දශක තුනක් තිස්සේ වාර්ගික ආමේනියානුවන් විසින් පාලනය කරනු ලැබුවා.