තෙල් සහිත සමට සුදුසු skincare routine එකක්

තෙල් සහිත සමක් එහෙමත් නැත්නම් oily skin එකක් කියන්නේ සමහර වෙලාවට ටිකක් කරදරකාරී දෙයක්. විශේෂයෙන් ම ඔයාගේ මුහුණේ සම ගොඩක් තෙල් සහිත නම්, ඔයාට ඉක්මනින් ම pimples එන්න තියෙන ඉඩ කඩ වැඩි වගේම මුහුණේ තියෙන ඒ තෙල් ගතිය නිසා ගොඩක් වෙලාවට අපහසුතාවයකුත් ඇති වෙනවා.

Oily Face එකක් තියෙන ඔයාට මතක ඇති පසුගිය කාලේ ගොඩක් වෙලා mask එක දාගෙන ඉඳල ගැලෙව්වම ඔයාගේ face එක කොහොමද තිබුනේ කියලා සහ ඒ දැනුනු අපහසුව. ඉතින් ඔයාට ඒ තත්ත්වය පාලනය කර ගන්න මොන වගේ skincare routine එකක් ද අනුගමනය කරන්න ඕනි කියල දැන ගන්න මේ article එක අනිවාර්යයෙන් ඉවර වෙනකම්ම කියවන්න.

ඔයාට තියෙන්නේ oily face එකක් නම් අනිවාර්යයෙන්ම ඔයා oily skin එකකට හරියන skin care routine එකක් තමයි follow කරන්න ඕනි. මොකද ඒක ඔයාගේ අනවශ්‍ය මුහුණේ තෙල් ගතිය පාලනය කර ගන්න ඔයාට ගොඩක් උදව් වෙනවා වගේම ලස්සනට ඔයාගේ face එක තියා ගෙන ඉන්නත් වැදගත් වෙනවා.

ඉතින් අපි බලමු ඔයාට follow කරන්න පුළුවන් සරල skin care routine එකක්.

  1. Cleanse Your Skin

Oily Face එකක් තියෙන ඔයාට අනිවාර්යයෙන් ම අනික් skin types වලට වඩා මේ සම්බන්ධයෙන් නම් සැලකිල්ලක් දක්වන්න වෙනවා. මොකද සමේ මතුපිට ගොඩක් තෙල් සහිත වීම නිසා විවිධ අපහසුතා වගේම pores block වීමක් වගේ දෙයක් වුණත් වෙන්න තියෙන ඉඩකඩ ඇත්තටම වැඩි. ඒත්එක්කම සම නිසියාකාරව පිරිසිදු වෙලා නැතිනම් acne, blackheads, whiteheads වගේ දේවල් එන්නත් පුළුවන්. ඉතින් මුලින්ම ඔයා හොඳින් ඔයාගේ skin එක පිරිසිදු කර ගන්න ඕනි. මේකට ඔයාට facewash, cleanser එහෙම නැත්නම් deep cleanser එකක් වුණත් භාවිතා කරන්න පුළුවන්.

මේ තුනේ වෙනස ගත්තොත් වඩාත් හොඳ පිරිසිදු කිරීමක් වෙන්නේ deep cleanser එකකින්. ඔයා ටිකක් පොඩි වයසේ කෙනෙක් වගේ නම් ඔයාට facewash එකක් හැම වෙලේම use කළාට කමක් නැහැ. එත් ඔයා මැදි වයසක වගේ කෙනකේ නම් cleanser එකක් use කරන එක ගොඩක් හොඳ දෙයක් වෙනවා, මොකද ඔයාගේ skin එකේ thickness එක සාපේක්ෂව වැඩි වීමත් එක්ක ඔයාට හොඳ පිරිසිදු කිරීමක් අවශ්‍ය වෙනවා.

වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් ඔයා අනිවාර්යයෙන් ම උදේට සහ රෑට කියන දෙකටම facewash හෝ gentle cleanser එකක් use කරන්න ඕනි. මොකද oily skin එකේ තෙල් සහ කුණු ඉතාම පහසුවෙන් රැඳෙන නිසා අපි ඒවා හොඳින් ඉවත් කරලා අපේ සම පිරිසිදු කර ගන්න ඕනි.

Deep Cleanser එකක් නම් සතියකට වරක් හෝ දෙවරක් භාවිතා කරන එක ප්‍රමාණවත් වෙනවා.

මේ products වලින් මොන එකක් ඔයා use කළත් විශේෂයෙන් oily skin එක සඳහා ම තියෙන product එකක් use කරන එක අනිවාර්යයෙන් කරන්න ඕනි දෙයක්.

  1. Exfoliate

ඉතින් ඔයා සම පිරිසිදු කර ගත්තට පස්සේ ඊළඟට කරන්න ඕනි දේ තමයි සමේ මැරුණු සෛල ඉවත් කරන එක. මේක කියවන ඔයාට තියෙන්නේ oily skin එකක් වුණත් නැති වුනත් මෙන්න මේ exfoliation කියන එක නම් අනිවාර්යයෙන් කරන්න ඕනි දෙයක්. ඔයාගේ සමේ මැරුණු සෛල ගොඩක් තට්ටු විදිහට එකතු වුනොත් ඒ හරහා skin එකේ තියෙන pores block වෙලා acne තත්ත්වයන් වුනත් ඇති වෙන්න පුළුවන්. ඔයා use කරන scrub එකේ salicylic acid අන්තර්ගත වෙලා තියෙනවා නම් ඔයාට ඒ හරහා chemical exfoliation එකකුත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා.

මේ salicylic acid ගැන කිව්වොත් acne සහ oily skin එකට තියෙන ගොඩක් products වල අන්තර්ගත වෙලා තියෙන, acne තත්ත්ව ගොඩක් හොඳින් පාලනය කරන්න පුළුවන් chemical එකක් වෙනවා. ඔයා ට මේක බාහිරව serum එකක් හෝ acids විදිහටත් ඔයාගේ skin care routine එකට එකතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා.

හැමදාම ඔයාට exfoliate කිරීමේ අවශ්‍යතාවයක් නැහැ, සතියට තුන් පාරක් වගේ මේ විදිහට exfoliater එකක් use කිරීම ප්‍රමාණවත්. ඔයා නිතරම exfoliate කරන්න ගියොත් එකෙන් වෙන්නේ ඔයාගේ skin එකේ oil production එක තවත් වැඩි වෙන එක විතරයි.

  1. Toner

මේක අත්‍යවශ්‍යම දෙයක් වෙන්නේ නැහැ, හැබැයි ඔයා toner එකක් use කළොත් එකෙන් ලබා ගන්න පුළුවන් වාසි ත් ගොඩක් තියෙනවා. ඔයාගේ skin එකේ oil production අඩු කර ගන්න මෙන්න මේ toners අපිට උපකාරී වෙනවා. ඒ වගේම අපේ skin එකේ pH අගය balance කරන්නත්, ඔයා ඉස්සරහට use කරන serums, creams වලට ඔයාගේ skin එක සූදානම් කරන්නත් මේ toners අපිට උදව් වෙනවා. ඉතින් ඔයා toner එකක් ගන්නකොටත් oil free එකක් වගේම pores clog නොවන ආකාරයේ toner එකක් ගන්න අමතක කරන්න එපා.

  1. Serum

Serum එකක් කියන්නේ face cream එකකට වඩා ටිකක් වැඩියෙන් benefits ලබා ගන්න පුළුවන් එකක්. Niacinamide serum එකක්ත් ගොඩක් හොඳයි oily skin එකක් තියෙන කෙනෙක්ට. ඉතින් ඔයා serum එකක් use කරනකොට විශේෂයෙන් acids අන්තර්ගත serum එකක් use කරනකොට ඒ සම්බන්ධයෙන් ගොඩක් කල්පනාකාරීව කටයුතු කරන්න. මොකද සමහර serums වර්ග තියෙනවා ඒවා රාත්‍රී කාලයට විතරයි ආලේප කරන්න ඕනි, ඒ වගේම සමහර serum වර්ග ඔයා use කරන අනෙක් products එක්ක match වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු නිසා බොහොම කල්පනාවෙන් serum එකක් select කරන්න වග බලා ගන්න ඕනි.

  1. Moisturize

Serum එකක් use කළාට පස්සේ ඔයාට පුළුවන් moisturizer එකක් ආලේප කරන්න. ඉතින් දහවල් කාලේ නම් වඩාත් හොඳයි sun protection එකක් තියෙන moisturizer එකක් use කරනවා නම්. ඒ වගේම oily skin එකක් තියෙන ඔයා සැලකිලිමත් වෙන්න ඕනි oil free moisturizer එකක් තෝරා ගන්නත්.

රාත්‍රී කාලේ දී නම් gel-based moisturizer එකක් වඩාත් සුදුසු වෙනවා. මොකද ඒක අපේ සමට ඉතාම ඉක්මනින් උරා ගන්නවා වගේම හරිම light weight එකක් එකේ තියෙන්නේ.

ඒ වගේම මේ step එකේ දී සුදුසු පරිදි Day Cream සහ Night Cream වුණත් use කිරීමේ හැකියාවක් ඔයාට තියෙනවා.

මීට අමතව ඔයාට face mask එකක් හෝ face pack එකක් ඔයාගේ skin care routine එකට add කර ගන්න පුළුවන්. ඔයා scrub කරලා toner එකක් use කරන්න කලින් තමයි මේ mask හෝ pack apply කරන්න ඕනි.

මෙන්න මේ skincare routine එක follow කරලා ඔයාට ලේසියෙන් ම ඔයාගේ oily skin එක maintain කිරීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් මතක් කරන්න ඔයා ඔයාගේ skin එකට මොනවා හරි product එකක් ගන්නවා නම් එකේ අඩංගු දේවල් සම්බන්ධයෙන් හොඳට හොයලා බලන්න. ඔයා ගෙවන මුදලට වටිනාකමක් තියෙන හොඳ විශ්වාසවන්ත products විතරක් use කරන්න වග බලා ගන්න.

ඉතින් එහෙනම් මේ වගේ ලස්සන article එකකින් ආයෙමත් හම්බවෙනකම් පරිස්සමෙන් ඉන්න, ලස්සනට ඉන්න. ඒ වගේම අමතක නොකර මේක ඔයාගේ oily skin එකක් තියෙන යාලුවත් එක්ක ත් share කරන්න.