අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් වැසෙයි

දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන ලබන ඔක්තෝම්බර් 03 වන දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ එදිනට යෙදෙන ලෝක අමද්‍යප දිනය මූලික කර ගනිමිනුයි.

මේ සම්බන්ධයෙන් සුරාසැල් දැනුවත් කර ඇති අතර අදාළ වසා තැබෙන කාලසීමාව තුල යම් හෙයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම සුරාසැල් සහ ඒවායේ බලපත්‍රලාභින් සඳහා උපරිම නීතිය ක්‍රියාත්මක කරන බවයි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.