හිටපු ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩකයෙක් වන ලසිත් මාලිංග 2024 වසරේ SA20 ලීග් තරගාවලියේ MI Cape Town කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
එමෙන්ම එම කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්රිකානු දඟ පන්දු යවන ක්රීඩක රොබින් පීටර්සන් නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මාලිංග සහ පීටර්සන් යන් දෙදෙනාම 2023 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ Major Leage තරඟයේ ජයග්රහණය ලබා ගත් New York කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස ද කටයුතු කර තිබෙනවා.

