2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධ අවසන් තීරණය ඔක්තෝම්බර් මස 02 වන දා ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.
බොහෝ දෙනාගේ ඉල්ලීම මත 2023 උසස් පෙළ විභාග කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
විභාග පැවැත්වීමේ සංශෝධිත දිනයන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව යි අමාත්‍යවරයා එම අවස්ථාවේ දී පැවසුවේ.
2023 අ.පො.ස උසස් පෙළ විභාග නොවැම්බර් 27 සිට දෙසැම්බර් 2 දක්වා පැවැත්වීමට මින් පෙර සැලසුම් කර තිබුනා.

